Friday, May 9, 2014

6 කොටස

"එයා කොහොමද උඹේ නම්බර් එක දන්නේ?" මට ඇත්තටම හිතාගන්න බෑ. අවුරුද්දක් තිස්සේ අපි ක්ලාස් යනවා කවමදාවත් මම දැකලා නෑ අජා ඒ කෙල්ල එක්ක කතා කරනවා. අනික එයා සර්ගේ දුව කියලා දැනගත්තෙත් අදමද කොහෙද?
"ඇයි බං උඹට මතක නැද්ද අපි ක්ලාස් එකට රෙජිස්ටර් වෙද්දි අපේ ෆෝන් නම්බර් ලිව්වා... ඒකේ මම ලිව්වේ මගේ මොබයිල් නම්බර් එකනේ" ඇත්තම නේන්නම්... කෙල්ල හිතුව තරම් මෝඩත් නෑ.
"මොකද්ද බං මේ දවස්වල අපිට ලබලා තියන ග්‍රහයා... ඉස්පිරිතාලවලින් තොර ලෝකයක් නෑනේ"
"උඹ වාහනේ අරං වරෙන්කෝ.... "
"හරි හරි...." මගේ හිත කියන්නෙම යන්න එපා කියලා
" මොකද්ද සරා"
" අපේ එකවුන්ට්ස් සර්ට හාර්ට් එටෑක් එකක්ලු.... පොඩ්ඩක් ගිහිං එන්න වෙයි... හෙට ඉස්කෝලේ අන්තිම වාරෙත් පටන් ගන්නවා.
" මම තව වන් මන්ත් ඉන්නවානේ... ඔයා ගිහිං ඒ වැඩ කරගන්න.. සර් නම් යන්නම එපෑ... මටත් දැන් සෑහෙන්න නිදි මතයි"
"ඔයා නිදාගන්න... අපි හෙට උදේ කතා කරමු" නිකිණි මාගේ බඳ වටේ අත යවලා මට තවත් තුරුල් උණා.
"ඔයා මාත් එක්ක තරහත් ඇති නිකිණි"
"නෑ ... මං ඇයි ඔයා එක්ක තරහ වෙන්නේ"
"ඔයා ඇවිල්ලත් මට ඔයා එක්ක වැඩි වෙලාවක් ඉන්න බැරි වුණානේ..."
"අයියෝ... එහෙම නෑ... අපි හෙට හම්බ වෙමු..." නිකිණ් මා එක්ක කවදාවත් තරහ නොවෙන බව මම දන්නවා.

මම ගෙදර ගිහින් අම්මාගේ කාර් එක ඉල්ලගෙන අජා එක්ක අජාට එන්න කිව්ව හොස්පිටල් එකට ගියා. යනකන්ම අජායි මමයි අතර වැඩි කතාබහක් තිබ්බෙ නෑ මට හිතුණෙම මේ මහ වැඩකට නැති ගමනක් කියලා. ඒත් යාළුවාගේ නම්බුවත් බේරන්න එපෑ.
අපි යනකොට දෙතුන් දෙනෙක් ඉස්පිරිතාලේ ICU එක ළඟ ඉඳගෙන ඉන්නවා මම දැක්කා. කවදාවත් දැකලත් නැති, අඳුනන්නෙත් නැති අයට මොන උදව්ද? මම දන්නෙ නෑ අජාටත් පිස්සුද කියලා.
අපිව දැක්ක ගමන් අර ගෑනු ළමයා අපි ළඟට දුවන් ආවා. අයියෝ ඉතින් බලන්නකෝ ඒ ළමයාගේ නමවත් අපි දන්නෙ නෑනේ.

" අනේ තැන්ක් යූ සරිත් ආව එකට" එයා මට තෑන්ක් කරනවා... මට මොකටද තෑන්ක් කරන්නේ... මම හිතන්නේ මෙයාට වැරදිලා
"මට නෙවෙයි තෑන්ක් කරන්න ඕනේ අංජනට"
" තෑන්ක්ස් අංජන"
"මොනවාද අපෙන් කෙරෙන්න ඕනේ... දැන් සර්ට කොහොමද?" ඔන්න ඒ ළමයා අඬන්න ගත්තා. මට බලන්න අමාරු දේ මෙයාලා අඬන එක... හැබැයි එයාලට ලේසිම වැඩෙත් ඒක.
"පැය 48ක් යනකන් මොකුත් කියන්න බැරිලු... එයා ඔයාට බැන්න එක ගැන සෑහෙන්න දුක් වුණා" ආයේ මෙයා කතා කරන්නේ මටග දැන් මේ කියන්න හදන්නේ සර්ට හාට් අටෑක් හැදුණේ මට බැන්න එක වාවගන්න බැරිව කියන එකද දන්නේ නෑ.
"සරිත් ඔයාට තරහ ගිහින්ද"
"නෑ නෑ එහෙම දෙයක්නෑ" මෙන්න මගෙන් අහපු ප්‍රශ්නෙකට අජා උත්තර දෙනවා. මට පේන හැටියට මෙතන වෙන දෙයක් තියනවා.
" මාමා....." අපි ළඟ හිටපු කෙල්ල අඬාගෙන ඉස්සරහට දිව්වා... අයියෝ මේක නම් අද උදේ කාපු කට්ටට හපන් එකක්
" මොනාද බං මෙතන කරන්නේ... දැන් හරිනේ එයාව දැක්කනම් අපි යන්ද?" මම අජා පැත්තට හැරිලා කතා කරන ගමන් අර කෙල්ල දිහා බැලුවා. එතනට ආව දෙන්නෙක්ව වට කරගෙන අර ගෑනු ළමයයි, එයාගේ අම්මයිද කොහෙද ලොකු කතාවක්, හෝ ගාලා අඬනවත් එක්ක
"කාට හරි කරදරයක් උණාම පොඩ්ඩක් ඉවසීමෙන් හිටපන්"
"මෙච්චර කාලෙකට පස්සේ ආව නිකිණිවත් තනියම දාලා මම ආවේ.. පව් බං මාව හම්බවෙන්න ඇවිත් අද දවසම තනියම හිටියේ"
" හරි හරි එහෙනම් දැන් ආවම කියලා යන්"
"මොකද්ද එයාගේ නම?"
"අනුත්තරා" මම ආයෙමත් එයාලා දිහා බැලුවා. ඒත් දැන් එතන ඉන්නේ අනුත්තරා විතරක් නෙවෙයි තව.... පොඩ්ඩක් ඉන්න ආයෙමත් මට පේන්නේ හීනයක්ද? එයා කොහෙද මෙහෙ.. වෙලාවකට බීච් එකේ වෙලාවකට  හොස්පිටල් එකේ.... දෙයියනේ මේ කවුද? මාව අතඅරින්නේ නැත්තේ... මම මාවම කොනිත්ත ගත්තේ එයා මේ පැත්තට එනවා දැකලා. හීනයක් නෙවෙයි මේ දකින්නේ ඇත්ත... එයා ඇත්තටම මං ඉන්න පැත්තට එනවා

"සරා...... අපි යනවා නේද?" මට එයාගෙන් ඇස් දෙක ගලව ගන්න බෑ.... කොටින්ම කියනවා නම් මට දැන් නං යන්න බෑ.







Wednesday, May 7, 2014

5 කොටස

මුදු ගැහුණු කොන්ඩෙ අස්සෙන් ඇස් දෙක දිලිසෙනවා. අනේ ඒත් පොඩ්ඩක් තරහ ගිහින්. චූටි නංගියා මට තවත් තුරුල් උනා. එයාත් බය වෙලා මම වගේම.

"කීපාරක් කියලා තියනවාද දන්නේ නැති අයත් එක්ක කතා කරන්න එපා කියලා. ඉන්න මම තාත්තාට කියන්න"


එයා චූටි නංගිවත් ඇදගෙන පෙනෙන තෙක් මානෙන් ඈතට යනකන් මම බලාගෙන හිටියා.
"සරා...... සරා....." ඔන්න ඊට පස්සෙයි මට ඇහුණේ නිකිණි මට කතා කරනවා......
"ඇයි නිකිණි?"
"හම්මෝ ඔයාට කතා කරලා මගේ කටහඬත් නැති වෙනවා....." මම ආයෙත් එයා ගිය පැත්ත බැලුවා. එයා පේන්න නෑ..... මම දන්නේ නෑ එක පාරට මට මොනා උණාද කියලා.
"ඔයා ඒ චූටි නංගිව දන්නේ කොහොමද?"
"මම එයාව දන්නේ නෑ...."
" එහෙනම් මොනාටද ඒ ගැන හිතන්නේ..... කෝ හොටේල් කැලෆෝනියා...."
" මගේ ඔලුව පොඩ්ඩක් රිදෙනවා නිකිණි...." මට නිකිණිට බොරු කියන්න උවමනාවක් තිබ්බේ නෑ.... ඒත්   ඉබේම කියවුණා..... නිකිණිගේ මූණ බලාගෙන ඉන්නද්දි මැල උණා
" එහෙනම් අපි ගෙදර යන්"
" ඔය තරහ ගිහින්ද?" මම නිකිණිගේ පුංචි වෙනසක් උණත් හොඳට අඳුනනවා
 " එහෙම දෙයක් නෑ... අපි යන්... පස්සෙ වෙලාවක ඒ සිංදුව අහමු"
" නෑ මම ප්ලේ කරන්නම්"
   නිකිණි හිනාවෙලා එතනින් නැගිට්ටා
" මූණ කැත කරන් ඕක ගහන්න ඕනේ නෑ... අපි යන්.. මූද නැති වෙන්නෙත් නෑ බීච් එක නැති වෙන්නෙත් නෑනේ ඒ නිසා වෙන දවසක එමු... මම ඉන්නවානේ"
නිකිණි තරම් මාව කවුරුත් තේරුම් අරන් නෑ. මම ගිටාර් එකත් අරන් නැගිටින ගමන් නිකිණිගේ කර වටේ අත දාගෙන එයාව මගෙ ළඟට ගත්තා.
" ඔයා එන්න එන්නම සෙන්සිටිව් වෙනවා සරා" 
" මම?"
" ඔව්... ඒ චූටි නංගිව ඔයා ළඟින් අරන් ගිය එකට ඔයාට දුක හිතුණා නේද?" 
" ටිකක්"
" ඕක අමතක කරලා දාන්න... අපි ඔයාට ක්ලාස් නිවාඩු දුන්නාම ටික දවසක් එස්ටේට් ගිහින් ඉඳලා එමුද?" 
" යමු"
 " ඔයාට මතකද ගිය පාර ගිහින් අපි ගෙම්බො රේස් එකක් දැම්මා"  මට ඉබේටම හිනා ගියා. මේ පාර යනවානම් අපේ සෙට් එකම එක්කන් යන්න ඕනේ. මම දන්නවා නිකිණිට ලංකාවේ යාළුවෙක්ට කියලා ඉන්නේ මම විතරයි. ඒ නිසා එයත් කැමති වෙයි. 
" මොනවද ඒ පාර" 
" මොකුත් නෑ" මගේ මොබයිල් එක රින්ග් වෙන්න ගත්තේ ඒ වෙලාවෙ මයි
" හලෝ"
" උඔ කොහෙද ඉන්නේ" අජාගෙ කටහඬේ තිබ්බේ ලොකු හදිස්සියක්
" මොකද්ද අවුල?" 
" කාර් එක ගෙදර තියනවාද?"
 "කියපන්කෝ මොනාද වෙලා තියෙන්නේ?"
" සර්ගේ දුව මට කතා කළා" 
" ඒ මොකටද?"
" මිනිහට හාර්ට් අටැක් එකක්ලූ" 
" ඉතින්"
" කෙල්ල අඬනවා" 
" ඉතින්"
" ඉතින් ඉතින් ගාන්නේ අපි යන්න ඕනේ නැද්ද?" 
" මම හිතන්නේ ඕනේ නෑ"
" උඹ ඇයි එහෙම කියන්නේ?" 
" අනිත් ළමයි යනවාද නෑනේ?"
" එයාගේ දුව අනිත් ළමයින්ට කතා කළේ නෑනේ" 
" අපි එතන ගිහින් මොකද කරන්නේ?"
" දන්නේ නෑ මුලින් ගිහින් බලමුකෝ... එයා කාර් එකේ එන්න කිව්වේ හදිස්සියක් උණොත් කියලා" 
" එයා උඹට කාර් එකක් නෑ කියලා දන්නේ නැද්ද?"
" එයා උඹට කියන්න කිව්වේ" 
" මොකා?"

Wednesday, March 28, 2012

4 කොටස





"මොකද කියල අහුවෙ නැද්ද උඹ.....?" මම තුංමුල්ලෙන් ගාලු පාරට බයික් එක දාන ගමන් අජාගෙන් ඇහුවා....
" පොඩ්ඩක් කලබලෙන් කතා කලෙ... මම කොහොමද විස්තර අහන්නේ.... දැන් අපි ගෙදර යන්කෝ..... ගිහින්ම බලමු" අපේ අම්මා සාමන්‍යයෙන් මම ඉන්නෙ කොහෙද කන්නෙ බොන්නේ මොනාද හොයලා බලන කෙනෙක් නෙවෙයි... ඇත්තම හදිස්සියක් නැත්නම් කෝල් එකක් දෙන්නෙත් නෑ අනේ මන්දා.... අමු චාටර් දවසක් අද .... කමක් නෑ මම ගෙදර බයික් එක දාන්කොටම සිකිරුටි අංකල් ඉස්සරහාට ආවා.....
"පුංචි මහත්තහා ගෙදරට යන්න මම මේක ඇතුලෙන් දාන්නම්" ඔක්කොමලා ඉන්නේ අමුතුම කික් එකකින්......අජාත් මාත් එක්කම ගොඩා උණා...
" අම්මා........................... අම්මා..........................." මම ගෙට ගොඩ උණ ගමන්ම අම්මට කතා කලා
"බුක්හ්........ "දොර පිටිපස්සෙ ඉදලා එක පාරටම කවුදෝ මගේ ඇඟට පැන්නා... මට වඩා ගැස්සුනේ අජා.....
"නිකිණි..........." මගේ හිතේ දඩබඩ ගාලා වැදුන පිටිමෝල නැවතුනේ දැන් තමයි.
" හපෝ හපෝ.... දැන් ඔයා මාර ගනන් නේ..........මම ඔයාට කෝල් කලා උදේ කොහෙද ෆෝන් ඕෆ්.... පස්සෙ ගෙදරම ආවා...... යාලුව ඉන්ට්‍රඩියුස් කරන්නේ නැද්ද?"
"ආ...... ඔව් මයි..... මේ අංජන... මගේ හොඳම ෆිට් එකක්.... එතකොට මේ නිකිණි......." මම කතා කරන්න කලින් අජා පැන්නා
"සරාගේ පොඩිකාලේ ඉදන් ඉන්න හොඳම යාළුවා.... හරිනේ..."
"හරියටම හරි...... යන් යන්.... ඔයාට මම බඩුවක් ගෙනවා..." නිකිණි හැමදාම වගේ මගේ වැලමිට ළඟින් ඇත පටලවා ගත්තා"
"කවදද ආවේ....."
"ඊයේ රෑ සරා.... නිදිමතයි තමයි...... ඒත් අද රෑටම නිදා ගන්නවා......" අජා... එතන පොඩ්ඩක් නැවතුණා.....
"මොකෝ බන්..."
"යාළුවොන්ට කතා කරගන්න දෙවල් ඇතිනේ අපි කැපෙන්නම්... උඹ හවසට එනවානේ සරා....?"
"අනිවා... උඹ මට කිරියාගේ තත්ත්වෙ කියලා කෝල් එකක් දෙන්නකො මම තාත්තාගෙන් වාහනයක් ඉල්ලන් හොස්පිටල් එන්නම්...."
"ඇයි පුතා හොස්පිටල්...." අම්මත් කොහෙ හරි ඉදන් අහන් ඉන්නවා
" කිරියා ඇක්සිඩන්ට් වෙලා අම්මේ.... එච්චර අමාරුවක් නෑ..... අද ගෙදර යන්න පුලුවන් ලු" අම්ම වෙනදා වගේම මම නිකිණි කතා කරන දෙවල් අහගෙන ඉන්න ආවේ නෑ....
"ඔයා මොනාද මට ගෙනාවා කිව්වේ...?" මම නිකිණිව එක අතකින් ළං කරගන්න ගමන් ඇහුවා....
"බලන්නකෝ ඔයාගේ කාමරේ ගිහින්....." නිකිණි මාව තල්ලු කළා.... අනේ පව් පොඩි කාලේ ඉදලාම සහෝදරියක් නැති මට සහෝදරියක් වෙච්ච, හිත ළඟ පාලුවට යාලුවෙක් වෙච්ච පුන්චි කෙල්ල. කවදාවත් මාව බලන්න එද්දි මෙච්චර කාලෙකට හිස් අතින් ඇවිත් නෑ.... ඒත් මම කවම දාවත් එයාට මොකුත්ම දීලා නෑ......
මම මගේ කාමරේට එබිකම් කළා....... හත්දෙයියනේ ඉලෙක්ට්‍රිල් ලීඩ් ගිටාර් එකක්.... මේ කෙල්ල මගේ හිත කියවන්න දන්නවද කොහෙද?
"නිකිණි... හැමදාම වගේ අදත්...." නිකිණි හිනා උණා....
"ඉතිං ඉතිං ඔයාගේ විස්තර කියන්නකෝ......?"
"අලුත් විස්තරයක් නෑ...... ගිය සතියේ ඔයාට මේල් කරපු ඒවාම තමයි..."
"මට නම් විස්තරයක් තියනවා....."
"මොකද්ද?"
"අයියාගේ එම් ඒ එක ඉවර උණාම අපි ආයේ ලංකාවේ පදිංචියට එනවා....."
" සුපර්බ්...... කවදද?"
" තව සික්ස් මන්ත්ස් වලින් වගේ....."
"නියමයි...... මම ඒ ලෙවල්ස් කරලා ඉවර වෙලා එහෙ එන්න හිටියේ...."
"දැන් ඕනේ නෑනෙ...... සරා..... මම....." ඒත් එක්කම අම්මා අපි ළඟට ආව නිසා නිකිණි කියන්න ගිය දේ කිව්වේ නෑ.....
"දුව අද මෙහෙ ඉන්නවා නේද?"
"ඔව් ඇන්ටි... අම්මිලා එස්ටේට් එකට ගියා..... ගෙදර ගියත් මම තනියමනේ... මම කිව්ව අද මෙහෙ ඉන්නම් කියලා.. හෙට තාත්ති මාව පික් කරයි....." අම්මා ආයෙත් අපිව තනිකරලා ගියා....
" මොනාද කියන්න හැදුවේ......?"
"මොකුත් නෑ.... දැන් හරි මහන්සි... හවසට මාව බීච් අරන් යනවාද? "
"වයි නොට්....... යමු..."
"තෑන්ක්ස් නිකිණි..."
"අයියෝ... ඕවා මොනාද?" නිකිණි එතනින් නැගිට්ටා.....
"ඔයා පොඩ්ඩක් මහත් වෙලා....." නිකිණි මගේ දිහා බලල හිනා උණා...
" මහත අයට ඊරිසියා කරන්න එපා...... ට්‍රයි කලොත් ඔයාටත් පුලුවන්..." එයායි මමයි දෙන්නම හිනා උණා..... මට තෙරෙන්නෙ නෑ නිකිණි ආවම මගේ හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා. එයා කතා කරන්නේ ලස්සන කතාවක් කියනවා වගේ.....හිනා වෙන්නේ හිතේම සතුට උතුරලා අරිනවා වගේ. එයා නිසා වෙන්න ඇති මට කෙල්ලෙක් එක්ක යාලු වෙන්න උවමනාවක් තිබ්බෙ නැත්තේ...? ඒත් මම දන්නවා එයා මට හොදම හොද යාලුවෙක් විතරයි.....

හවස ගකිරියාවත් උගේ ගෙදර බස්සලා , අජා අතේ කිරියාගේ බයික් එක ගරාජ් එකට යවලා එහෙම එනකොට රෑ 7ත් පහු වෙලා.... මම ඇවිල්ලා නිකිණිව හෙව්වත් එයා හිටියේ නෑ....
" කෝ අම්මේ නිකිණි......"
" බීච් එකට ගියා...."
" මම නැතුව...?" මම ගිටාර් එකත් අරන් බීච් එක පැත්තට දිව්වා... මේ කලුවරේ කොහෙ හොයන්නද මන්ද? මම ෆෝන් එක අරන් කෝල් එකක් ගන්නකොටම අර චූටි නංගියා.....
" අයියේ ඔයාත් එනවාද සෙල්ලම් කරන්න......." මට හිනා ගියා.....
" සෙල්ලම්..?"
" මගේ පැත්තට කවුරුත් නෑ...ප්ලීස්......"
" මම යාළුවෙක් එනකන් ඉන්නේ... ඔයා සෙල්ලම් කරන මම බලන් ඉන්නම්"
" අයියාගේ නම මොකද්ද?"
" මම සරිත්....."
"මගේ නම කේෂා...."
" ඔයා වගේම ඔයාගේ නමත් ලස්සනයි ....... කේෂා කාත් එක්කද ආවේ...?"
" අක්කාලා එක්ක....."
" කේෂාට අක්කලා ගොඩාක් ඉන්නවාද?"
" තුන්දෙනෙක්.....:
"චූටි.................." කියාගෙන ආව කෙනෙක් මාව දැකලා නැවතුණා
" අනේ සොරී ඔයාට කරදර කලාද?" තවත් අවුරුදු 12ක විතර ඒ වගේම ලස්සන නංගියෙක්...... මෙයාලාගේ අනිත් අක්කලාත් බලන්න ඇත්නම්.....
" කමක් නෑ....."
"මද්දූ....... මේ චූටි එන්නේ නෑ... මේ අයියා කෙනෙක්ට වද දෙනවා..."
"මට වදයක් නෑ.... ඔයාලා සෙල්ලම් කරන්න මම ඕනෙ නම් නංගිව බලා ගන්නම්......"
මම අර චුටි නංගියාගේ අතින් අල්ල ගත්තා.....
" අපි දෙන්න එකතු වෙලා හැංගිලා ඉන්න අක්කා කෙනෙක්ව හොයමුද?"අර අනිත් නංගි ආයෙත් මූද පැත්තට ගියා... මම ආයෙත් ෆෝන් එක අරන් නිකිණිට කෝල් කළා
"කොහෙද ඔයා...."
"ඔයාට පේන තෙක් මානේ...... ඔහොමම දකුණට හැරෙන්න..." මම ඒ පැත්ත බැලුවා..... ඊට පස්සේ අර නංගිවත් එක්කගෙන නිකිණි ළඟට ගියා....
"ඔයාට මේ ලස්සන ගර්ල් ෆ්රෙන්ඩ් කෙනෙක් ඉන්නේ...?" මම නිකිණි ළඟින් වාඩි වෙනකොට චූටි නංගියත් මාත් එක්කම වාඩි උණා....
" ඒකනේ... අපිටත් කෙල්ලො ඉන්නවා..." නිකිණිත් මම වගේ නංගියාට ආදරෛ වගේ...
" සරා.... හොටෙල් කැලෆෝනියා ගහන්නකෝ..." නිකිණි ඒ සින්දුවට ආස කලේ පොඩි කාලේ ඉදලා....
" චුටි නංගිත් සිංදුව අහන්න එහෙනම්....." එයා ඔලුව වැනුවා..... මම ගිටාර් එක උකුලට අරන් ඇඟිලි තුඩු වලින් තත් එහාට මෙහාට කලා විතරයි....
" චූටි....... කියලා තියනවා නේද....? මීට පස්සේ බීච් ගේන්නේ නෑ....." මම නිකිණියි දෙන්නම ඒ පැත්තට හැරුණා....ආයෙමත් මම දකින්නේ හීනයක්වත්ද? නෑ මේ හීනයක් වෙන්න බෑ...... මට හිතා ගන්න බෑ..... අත් දෙක ගල් උණා.....











Wednesday, January 11, 2012

3 කොටස


අජා පෙන්නුව පාර දිගේ ගිහින් ලෙඩ්ඩු බලන වෙලාව වෙනකන් කට්ට කාලා අපි අක්සිඩන්ට් වෝඩ් එකට ඇතුල් උණා.... බොරු කියන්න ඕනේ නෑ ඒ මම එතනට ගිය පළවෙනි වතාව. හැමතැනම තිබ්බේ ලේ, තුවාල, කෙඳිරි ගෑවිලි, පිස්සු කොර වෙනවා.... වැඩිය වටපිට බැලුවේ නෑ කොරිඩෝව දිගේ කෙලින්ම ඇතුලට ගියා.... ඉස්සරහ සැරෙන් සැරේ බැලුවෙ අජා කොහෙටද යන්නේ කියලා විතරයි. කොහොමත් වාට්ටුවක් ඇතුලට ගිහින් යාන්තම් කිරියා ළඟට ආවා. කිරියාගේ කකුලකට ප්ලාස්ටර් දාලා. වෙන නම් කිසි අමාරුවක් තිබ්බේ නෑ. ඌ අපිව දැක්ක ගමන් වාට්ටුවටම ඇහෙන්න කෑ ගහලා එතනට අඬ ගැහුවා.
"මොකද බන් උනේ....."
"මාර චාටරේ බන්, අද උදේ අයියාගේ මදුරුවා අරගත්තේ වැඳලා වැඳලා..... මීටර් 100ක් එන්න හම්බ උනේ නෑ... කොහෙද ඉදලා ආපු බූරු පුතෙක් කසි කබල් ලොරි බෑයක් පාරට දම්මානේ හරියට උගේ බාප්පොච්චාගේ පාර කියලා හිතාගෙන. කොල්ලාට බැලන්ස් එක ගියා.
"හප්පා...... මෙලෝ රහක් නැති ඇක්සිඩන්ට් එකක්නේ....." අජා ඇක්සිඩන්ට් එක ගැන කතා කරද්දි මම බැලුවේ වට පිට
"දැන් උඹ මෙහෙ ඉන්නද කල්පනාව...." මට බලාගෙන ඉන්න බැරිතැන ඇහුවා.....
"අද යන්න පුලුවන්.... කකුල අවුල්.... තාම අම්මලා දන්නෙත් නෑ..... අයියා දැන ගත්තොත් එහෙම මට හොඳට තියන කකුලත් කන්ඩෙම් කර ගන්න වෙනවා ෂුවර්. මදුරුවා බලන්න දුකයි බන්.... ඇද වෙලා ඇඹරිලා ගිහින්...... "
"හරි හරි බයිසිකලේ හදා ගමු" උඹට අද ගෙදර යන්න පුලුවන් නම් යමු.... මේක ඉන්නකොට වෙනම අමාරු හැදනවා....."
"ඒක ඇත්ත කිරියා..... "
"බයිසිකලේ හදන්න තරම් මගේ අතේ සල්ලි නෑ බන්......" කිරියා කතා කරන්නේම අර හිතක් පපෞවක් නැති බයිසිකලේ ගැන
"ඒක හඩහ අගන්න මම සල්ලි දෙන්නම්......." කිරියාට මම මේ සල්ලි දැන පළවෙනි වතාව නෙවෙයි... ඌ කියන කරන හැම වැඩකටම යන්නේ මගේ පොකට් එකෙන්.... ඒක මට ගානක් නෑ.... ඉල්ලන ගානක් නෑ බෑ නොකියා තාත්තාගෙන් ඉල්ල ගන්න පුලුවන්

කොහොම හරි හවසට කිරියාගෙ ටිකට් එක කපනවා කිව්ව නිසා මම වාහෙනෙත් අරන් එන්නම් කියලා අපු වාට්ටුවෙන් පිටත් උණා....
"මූ නම් මාර බඩුවක් තමයි අජා....... ඉස්පිරිතාලෙන් යන්න කිසි උවමනාවක් නෑ වගේ නේ....?"
"ඒක තමයි බන් මාත් කල්පනා කලේ..... නර්ස් කෑල්ලකටවත් පැන හලනවාද දන්නේ නෑ..... " ඉස්පිරිතාලෙන් එළියට ගිහින් බයික් එක ළඟට යනවාත් එක්කම මම ඈතට දැක්කේ හිතා ගන්න බැරි දෙයක්......
"මොකෝ බන්...." හීනයක්ද හැබෑවටමද කියලා හිතා ගන්න බැරි තැන ගල් ගැහිලා ඉන්න මගේ පිටට ටිකක් තද තට්ටුවක් වැදුනා....
" මොකද බන් සෙල් මුවා උනේ...." අජා ගේ කටහඬ....... කට හඬ නිසා ගැස්සුන නිසාද බන්දා එයා පිටිපස්සේ ඉස්පිරිතාලේ ඇතුලට ගිය ඇස් දෙක අතරමන් උණා..... එහෙම නැත්නම් අර හීනේ වගේ මේකත් හීනයක්ද මන්දා......
" මොකුත් නෑ මචන්......" මමම්හෙල්මන්ට් එක දාගෙන බයික් එකේ ඉඳගන්න ගමන් බැලුවෙත් එයාව දැක්ක පැත්ත.... කවුරු උණත් දැන් නම් සිද්ද වෙන්න අමුතුවම සෙල්ලමක්...
"කාවද උඹ හොයන්නේ......?"
"කාව හොයන්නද බන්...... තාත්තිගේ ඔෆිස් එක පැත්තේ ගිහින් වාහනයක් හොයා ගන්න බලමුද?" මම ආයෙත් ඉස්පිරිතාලේ පැත්තේ හැරිලා බැලුවා..... ෂුවර් එකටම ඊයේ පෙණුන හීනේ තවත් කොටසක් ව්එන්න ඇති. අනේ මන්දා...... මම සෑහෙන්න අවුල් වෙනවා...... මේ ඔක්කොටම මුල ඊයේ මම දැක්ක චූටි නංගියා.... ඒ ලස්සන හිනාව වෙන්න ඇති හීනයක් වෙලා මා ළඟට එන්නේ........
" සරා... සරා... බලාගෙන..." බස් එකක් දැම්ම වෙට්ටුවකින් මාවත් පොඩ්ඩ වෙන්න බය වෙලා ගියා... අජා පිටිපස්සේ ඉදන් කෑ ගැහුවා..... ඒත් අවුලක් නෑ...... මොකුත් උනේ නෑ... හැබැයි බේරුණේ අනූ නවයෙන්. හිත හොරකන් කරපු චූටි නංගියාව හොයා ගන්න ඕනේ... මට හිතුණා..... ඒත් කොහෙන්ද?
මොකද බන් වෙලා තියෙන්නේ...?"
" මොකුත් නෑ... ඇක්සිඩන්ට් වෝඩ් දැකලා අවුල් උණා..... "
"ගනන් ගන්න එපා....." මොනා උණත් හීන කතාව අජාට කියන්න තරම් දෙයක් නෑ කියලා මට හිතුණ නිසා මම කිව්වේ නෑ.
ආයෙමත් මගේ ෆෝන් එක රින් වෙනවා....... අජා අන්සර් කලා
" සරා...... අම්මා කතා කලේ ගෙදර එන්න කිව්වා......" ඒ පාර මොකද්ද?





Thursday, December 22, 2011

2 කොටස


"උඹ අද සෑහෙන්න පරක්කුයිනෙ මචං..." අජා බයික් එකට නැග්ගේ එහෙම කියාගෙන....මට ඒකට දෙන්න උත්තරයක් නෑ. මම කට වහගෙන ඉස්සරහා බලා ගත්තා....
"කිරියාට මොකද උනේ...?"
"ඊයේ කිව්ව විදයට නම් අලුත් කෑල්ලක් සෙට් වෙලා...."
"කෑලි සෙට් උණාම ක්ලාස් මිස් වෙනවාද මචං"
"මටත් ඕක නම් තේරෙන්නේ නෑ.... අපිත් සෙට් කරගෙන බලමුද?"
"මේ මේ..... ලොකු සීන් ඕනේ නෑ... මේ ඉන්න විදිය හොඳයි... දන්නවානේ.... කෙල්ලෝ දාගත්තාම හවසට බීච් එක පැත්තේ ගිහින් සෙට් වෙන්නත් අවසර ගන්න වෙනවා.... දැක්කනේ කිරියා පහුගිය කාලේ කාපු කට්ට"
" හැම කෙල්ලම ඒ වගේ නෑ බන්..."
"බැහැපන් බැහැපන්.... ක්ලාස් එකට ගිහින් මුල්ලක් අල්ල ගනින් මම මේක පාක් කරලා එන්නම්...." අජා එතනින් යනකොටත් මම කලපනා කලේ කෙල්ලෝ ගැන..... ඇතුවත් බෑ නැතිවත් බෑ... හිටියත් වදේ නොහිටියත් වදේ.... නැති උණාම ඔටුවො, ඉන්නකොට එළුවෝ..... මම බයික් එක පාක් කරලා පන්තිය ඇතුලට ගියා. දෙතුන් දෙනෙක්ම මා දිහා හැරිලා බැලුවා... කොහොමත් ඕකුන් මම බයික් එකේ ක්ලාස් එනවා දැක්කොත් ඔහොමමයි. හරියට මම පියාඹන පීරිසියක ආවා වගේ..... කමක් නෑ. ආසාවනේ.... මම අජා ළඟට ගිහින් ඉඳගත්තා.....
"දැන් දේවාලෙට එනවා වගේ ආව එක්කෙනා මෙතනට එනවා....." මම සර් දිහා බැලුවා..... මෙයා මේ කතා කරන්නේ මටද? මම අජා දිහා බැලුවා අජා හැංගිලා වගේ ඉන්නවා මම දැක්කා....
"ඔව් ඔව් මහත්තයා ඔයාට තමයි..... පාවඩ නම් දාන්න බැරි උණා.... මෙහාට වඩිනවාද?" ෂිකේ කන පැලෙන නෝන්ඩියක්නේ උණේ.... කවුදෝ හාල් පාරුවො දෙතුන් දෙනෙක් බක බක ගාල හිනා වෙන්න ගත්තා
" කොහෙ ඉදන්ද මහත්තයා එන්නේ...?" සර් පෙන්නුව සීට් එකේ ඉඳගත්තා ඒත් කෙල්ලෝ රොත්තක් මැද චාටර්..... කමක් නෑ කට්ට කාගෙන ඉන්නවා.. මම මේ ක්ලාස් එන අන්තිම දවස...
"ගෙදර ඉදන්..." මම උත්තර දුන්නා....
"ආ.... කොහෙද බකින් හැම් මාළිඟාවද?" මම මොකුත් කිව්වේ නෑ කට කපලා නෝණ්ඩි වෙද්දි තම මොන කට ඇරිල්ලක්ද?
" ඕක තමයි පෝසත් පුත්තුන්ගේ තත්ත්වෙ.... හිතන් ඉන්නේ යන හැම තැනම අම්මාගේ අප්පගේ බූදලේ කියලා....." සර් පාඩම ඔක්කොම නවත්තලා පෝසත් පුත්තු ගැන කියවනවා.... එක පාරටම මහා හයියෙන් මගේ ෆෝන් එක වැදුණයි කියමුකෝ...බලනකොට අද දවස නම් මාර දවසක් මට ෆෝන් එක සයිලන්ට් දා ගන්න බැරි උණානේ..... මම දඟලලා කරලා ෆෝන් එක එළියට අරන් කට් කරලා ඕෆ් කරලා දැම්මා..... ඒ ටිකට පන්තියෙන් භාගයක්ම හිනා වෙන්න ගත්තා.... මට කියා ගන්න දෙයක් නෑ. සර් තවත් හයියෙන් බනින්න පටන් ගත්තා... බැනුම් අහලා නම් මට හොඳට පුරුදුයි, එකම චාටරේ තමයි කෙල්ලෝ රොත්තක් මැද බැනුම් අහන එක.

ඉන්ටවල් එක එනකන් වැඩි වැඩක් කෙරුනේ නෑ...... සර් මාව බයිට් කළා..... මම බයිට් උණා.... ඔන්න ඔහෙ කමක් නෑ සර්ට කියලාත් කික් එකක් එපෑ.... ඉන්ටවල් එකේදී මම අජාව තියලා බයික් එක ළඟට ගියේ ගෙදර යන්න....
"සරිත්....සරිත්....." නුහුරු කට හඬක් මගේ පිටිපස්සෙන් ඇහෙන්න ගත්තා.... මම හැරිලා බැලුවා... කෙල්ලෙක්... මගේ කාලේ නරකයි මම හිතන්නේ... සරිත් පිටිපස්සේ මීට කලින් කෙල්ලෝ ඇවිල්ලත් නෑ.... මම කෙල්ලො පස්සේ ගිහිල්ලත් නෑ.... මම එයා මගේ ළඟට එනකන් බලාගෙන හිටියා....
"ඔයාගේ බයික් එකේ යතුර බිම වැටිලා තිබුණා..." හරිම නෝමල්..... වැඩි පාට නැති කෙල්ලෙක්.....
"ආ තැන්ක් යූ...."
" ඔයා තාත්තා කිව්ව දේවල් ගණන් ගන්න එපා... ඒ එයාගේ හැටි" මම කොහොමද මෙයාගේ තාත්තාව අදුණන්නේ අනික මෙයාගේ තාත්තා මට මොකුත් කියලා නෑනේ.
"තාත්තා......????"
"ඔව්.... එයා වෙලාවට වැඩ කරන අයට කැමති... පරක්කු වෙලා ආව නිසා තමයි එයාට තද උණේ" ඒ කියන්නේ මෙයාගේ තාත්තා අර ගඩාෆි වාගේ සර් ද? ඔය බලන්න.... දැන් මම මෙයා එක්ක කතා කර කර ඉන්නවා සර් කාරයා දැක්කොත් මට එලෝ එලෝ ගහනවා ෂුවර්.... මම හෙල්මට් එකත් දාගෙන බයික් එකට නැග්ගා....
"ඔයා යනවාද?" කෙල්ල මගෙන් අහනවා. මම උත්තර දුන්නේ නෑ..... හැරෙන තැපෑලෙන් ස්ටාර්ට් කර ගෙන වංගුව ගත්තා විතරයි අජා දුවගෙන ආවා.....
"ඒයි.... ඒයි...... කොහෙද යන්නේ....?"
මම යන්තන් නවත්තලා අජාව ගොඩ කරගෙන එතනින් පුළුවන් තරම් ඉක්මන පැන ගත්තා.....
"උඹට මොකද්ද බන් හැදුණ කුලප්පුව..."
"තව හිටියානම් ගුටිත් කනවා බන්.... "
"ඒ මොකෝ....."
"ඔන්න ඔය සාක්කුවෙ ෆෝන් එක අරන් ඔන් කරපන් කිරියා කෝල් කළා" අජා ෆෝන් එක අරන් ඔන් කරලා කිරියාට කෝල් එකක් ගත්තා......
"කිරියා..... මොකෝ....?"
"මොකා...."
"හරි අපි එනවා" අජා.... මගේ පිටට තට්ටු කළා....
"මචන් ඔහොමම ඇක්සිඩන්ට් වෝඩ් හරවපන්...... :"
" ඒ මොකො...?"
" කිරියා ඇක්සිඩන්ට් වෙලා"
"මොකා.............?"

Tuesday, December 20, 2011

1 කොටස


මූදට මම ආස කරන තරම් කියන්න වචන නෑ..... හැන්දෑවට ගිටාර් එකත් අරගෙන වැල්ලට ගිහිල්ලා හිතේ දඟකරන රිදම් එකක් තට්ටු කරන එක තරම් ආතල් එකක් මට තව නෑ...... කොහොමත්..මට ජීවත් වෙන්න ඒ ඇති. වෙන අය වගේ වල බහින්න මට ආසවක් නෑ. තනි වෙලා අහස උසට හීන ගොඩ ගහන්න මම ආසයි. අජා කියන්නේ මම වැරදිලා කොල්ලෙක් වෙච්ච එකෙක් කියලා. තනි වෙන්න හීන දකින්න කැමති කෙල්ලොලු. මම ඒ ගැන නම් දන්නේ නෑ. ගෙදර තනි එකා උණ මම හැමදාම තනියම ජීවත් වෙන්න පුරුදු උණා..... එක පාරටම මගෙ මනෝපාර කෙලවර උනේ සාක්කුවේ තිබ්බ ෆෝන් එක බෙරිහන් දෙද්දි......
"හලෝ...." කතා කලේ අජා....
"සරා උඹ කොහෙද?"
"බීච් එකේ...."
"හරි මචන් හෙට එකවුන්ට්ස් ක්ලාස් පටන් ගන්නවාලු"
"හරි මම එන්නම්...."
" කිරියා හෙට එන්නෙ නෑ කිව්වා..... උඹ මදුරුවාගෙන් එනවා නම් මාවත් අරන් පලයන්.... කිරියා එන්නෙ නැතුව බස් එකේ යන එකේ තේරුමක් නෑනෙ....."
"හරි මම බයික් එකේ එන්නම්...... "
"එහෙනම් අපි තිබ්බා...." මම ෆෝන් එක සාක්කුවේ දාගන්න ගමන් ගිටාර් එකත් අරන් නැගිට්ටා. එක පාරටම මගේ ගිටාර් එකේ ඇවිල්ල තඩි බීච් බෝල් එකක් වැදුණා. මට පොඩ්ඩක් මල පැන්නා..... මම බෝලෙ ආව පැත්ත බැලුවා..... චූටිම චූටි නංගියෙක් ඇවිල්ලා මම අතට ගත්ත බීච් බෝල් එක දිහා බලාගෙන ඉන්නවා.
"ඔයාගෙද මේ...?"
"මට ඕක දන්වාද?" මම එයාට බෝලෙ දැම්මා..... ඒත් එක්කම කවුදො සොරි කියන්න කියලා කියනවා මට ඇහුණා.... මම වටපිට බැලුවා. පොඩ්ඩ වෙන්න කලුවර වෙලා තිබ්බ නිසා එච්චර හොඳට පෙනුනේ නෑ. ඒත් අර චූටි නංගියාගේ වගේම ලස්සන මුදු මුදු කොණ්ඩයක් තියන එක්කෙනෙක් අර චූටි නංගි දිහා බලාගෙන හිටියා.
"සොරී අයියේ......" මම යන්තමට හිනා වෙලා ආයෙත් ඒ පැත්ත බැලුවා.....
"අර චූටි නංගියා දුවගෙන ගිහින් අර කතා කරපු එක්කෙනාගේ අතේ එල්ලුනා. මොනා උණත් පොඩි කෙල්ලනම් හරිම හුරතල්. මම ගිටාර් එකත් අරන් ගෙදර ආවා. ගෙදර හැමදාම තිබ්බ ඒකාකාරිකම වෙලාවකට මගේ හිත අවුල් කරනවා. මොනා උණත් අර පොඩි එකාගේ මූණ මට අමතක කරන්න බැරි වෙලා. ඒක නම් මාර පුදුමයක්. කෑම මේසෙදි උණත් හැමදාම තියන නිහැඬියාව එක්ක ඔහේ කෑම ටික කෑවා....
"අප්පච්චි හෙට ක්ලාස් පටන් ගන්නවා....."
"කාර් එක එවන්නද පුතා...."
"එපා සයිකලේ යන්නම්..." අපේ ගෙදර වෙන කොසි දෙයක් කතා වෙන්නෙ නෑ.... කන බොන විදියයි, යන එන විදියයි තමයි. මුලු ගෙදරම තියෙන්නේ පට්ට පාලුවක්. ඉමක් කොනක් නොපෙනෙන තනිකමක්.....අනේ මන්දා.... අහන් ඉන්න බැරි වෙයි මම අපේ ගෙදර ගැන කියන්න ගියොත්. මේක හරියට අමතක වෙච්ච පරණ රජකතාවක් වගේ. මම හෙඩ් ෆෝන් දෙකත් දාගෙන අඳේ ඇල උණා..... වැඩි වෙලාවක් ගිය නෑ එක පාරටම මුදු කොන්ඩේ.... නල දතකුත් එක්ක හිනාවෙද්දී දත් පොකුරක්ම පේන ලස්සනම ලස්සන එක්කෙනෙක්... කවුද මේ..... මම මෙයාව නම් කවදාවත් දැකලා නෑ... ඒත් මොකද්දෝ හුරු බවක්.... මම හිතන්නේ තවත් හීනයක්.....

Thursday, December 15, 2011

පෙරවදන



අහන්න කැමති හැමෝටම,

මට මේ දැන් ආවා " අපි ආදරේ කරන අය අපිට ආදරේ කරන්න ඕනෙමද?" කියල ගහපු මේල් එකක්. ඔව් එහෙම ඕනේ නෑ.ඒත් අපි හිතන්නෙ එහෙම වෙන්න ඕනෙ කියලා. හැබැයි එහෙම උණේ නෑ කියලා කවුරුවත් කාටවත් දොස් කියන්න ඕනෙද? මම කවදාවත් කාටවත් දොස් කිව්වේ නෑ. හම්බවෙන දුක පැකට් ඔක්කොම ගොඩ ගහගෙන ජීවත් උණා මිසක්. ලස්සනම කාලෙ ඉදන් දැන් වෙනකන්ම එහෙමයි. මේ දැනුත් එහෙමයි.

හැමදාම වගේ මගේ ළඟ තනියට හිටියේ ගිටාර් එක විතරයි, දුක අහන්න, දුක කියන්න හැමදේටම.අනික මගේ හොඳම යාලුවො දෙන්නා.

මේ මගේ කතාව අහන් ඉන්න කැමති නම් කියන්නම් පටන් ගන්නේ ඉස්කෝලෙන්. පළවෙනි කොටස ඉදන් ඒ කතාවත් ඔයාලාගෙ වෙයි.

මගෙ නම සරිත්........