Tuesday, December 20, 2011

1 කොටස


මූදට මම ආස කරන තරම් කියන්න වචන නෑ..... හැන්දෑවට ගිටාර් එකත් අරගෙන වැල්ලට ගිහිල්ලා හිතේ දඟකරන රිදම් එකක් තට්ටු කරන එක තරම් ආතල් එකක් මට තව නෑ...... කොහොමත්..මට ජීවත් වෙන්න ඒ ඇති. වෙන අය වගේ වල බහින්න මට ආසවක් නෑ. තනි වෙලා අහස උසට හීන ගොඩ ගහන්න මම ආසයි. අජා කියන්නේ මම වැරදිලා කොල්ලෙක් වෙච්ච එකෙක් කියලා. තනි වෙන්න හීන දකින්න කැමති කෙල්ලොලු. මම ඒ ගැන නම් දන්නේ නෑ. ගෙදර තනි එකා උණ මම හැමදාම තනියම ජීවත් වෙන්න පුරුදු උණා..... එක පාරටම මගෙ මනෝපාර කෙලවර උනේ සාක්කුවේ තිබ්බ ෆෝන් එක බෙරිහන් දෙද්දි......
"හලෝ...." කතා කලේ අජා....
"සරා උඹ කොහෙද?"
"බීච් එකේ...."
"හරි මචන් හෙට එකවුන්ට්ස් ක්ලාස් පටන් ගන්නවාලු"
"හරි මම එන්නම්...."
" කිරියා හෙට එන්නෙ නෑ කිව්වා..... උඹ මදුරුවාගෙන් එනවා නම් මාවත් අරන් පලයන්.... කිරියා එන්නෙ නැතුව බස් එකේ යන එකේ තේරුමක් නෑනෙ....."
"හරි මම බයික් එකේ එන්නම්...... "
"එහෙනම් අපි තිබ්බා...." මම ෆෝන් එක සාක්කුවේ දාගන්න ගමන් ගිටාර් එකත් අරන් නැගිට්ටා. එක පාරටම මගේ ගිටාර් එකේ ඇවිල්ල තඩි බීච් බෝල් එකක් වැදුණා. මට පොඩ්ඩක් මල පැන්නා..... මම බෝලෙ ආව පැත්ත බැලුවා..... චූටිම චූටි නංගියෙක් ඇවිල්ලා මම අතට ගත්ත බීච් බෝල් එක දිහා බලාගෙන ඉන්නවා.
"ඔයාගෙද මේ...?"
"මට ඕක දන්වාද?" මම එයාට බෝලෙ දැම්මා..... ඒත් එක්කම කවුදො සොරි කියන්න කියලා කියනවා මට ඇහුණා.... මම වටපිට බැලුවා. පොඩ්ඩ වෙන්න කලුවර වෙලා තිබ්බ නිසා එච්චර හොඳට පෙනුනේ නෑ. ඒත් අර චූටි නංගියාගේ වගේම ලස්සන මුදු මුදු කොණ්ඩයක් තියන එක්කෙනෙක් අර චූටි නංගි දිහා බලාගෙන හිටියා.
"සොරී අයියේ......" මම යන්තමට හිනා වෙලා ආයෙත් ඒ පැත්ත බැලුවා.....
"අර චූටි නංගියා දුවගෙන ගිහින් අර කතා කරපු එක්කෙනාගේ අතේ එල්ලුනා. මොනා උණත් පොඩි කෙල්ලනම් හරිම හුරතල්. මම ගිටාර් එකත් අරන් ගෙදර ආවා. ගෙදර හැමදාම තිබ්බ ඒකාකාරිකම වෙලාවකට මගේ හිත අවුල් කරනවා. මොනා උණත් අර පොඩි එකාගේ මූණ මට අමතක කරන්න බැරි වෙලා. ඒක නම් මාර පුදුමයක්. කෑම මේසෙදි උණත් හැමදාම තියන නිහැඬියාව එක්ක ඔහේ කෑම ටික කෑවා....
"අප්පච්චි හෙට ක්ලාස් පටන් ගන්නවා....."
"කාර් එක එවන්නද පුතා...."
"එපා සයිකලේ යන්නම්..." අපේ ගෙදර වෙන කොසි දෙයක් කතා වෙන්නෙ නෑ.... කන බොන විදියයි, යන එන විදියයි තමයි. මුලු ගෙදරම තියෙන්නේ පට්ට පාලුවක්. ඉමක් කොනක් නොපෙනෙන තනිකමක්.....අනේ මන්දා.... අහන් ඉන්න බැරි වෙයි මම අපේ ගෙදර ගැන කියන්න ගියොත්. මේක හරියට අමතක වෙච්ච පරණ රජකතාවක් වගේ. මම හෙඩ් ෆෝන් දෙකත් දාගෙන අඳේ ඇල උණා..... වැඩි වෙලාවක් ගිය නෑ එක පාරටම මුදු කොන්ඩේ.... නල දතකුත් එක්ක හිනාවෙද්දී දත් පොකුරක්ම පේන ලස්සනම ලස්සන එක්කෙනෙක්... කවුද මේ..... මම මෙයාව නම් කවදාවත් දැකලා නෑ... ඒත් මොකද්දෝ හුරු බවක්.... මම හිතන්නේ තවත් හීනයක්.....

9 comments:

  1. හ්ම්ම් හීනෙ සැබෑ වෙයි :)))

    ReplyDelete
  2. හරි.. හරි... මම දන්නවා කවුද කියලා...

    රියසක පරදන සොඳ පුළුලුකුල
    මහ මඟ වැනිය කළු කෙස් වැටිය
    බඳ නන්දනිය නම රංජිනිය
    සැම මන කලබන ඇගෙ රූ සිරිය

    ReplyDelete
  3. ඔන්න කතාවේ ඉදිරිය ගැන අදහස් එනවා.. ඒක නම් ටිකක් ඉක්මන් වැඩියි වගේ අක්කේ.. මෙන්න මෙහෙමයි එකට වඩා නම් ගොඩක් වෙනස්.. ඊටත් වඩා හොද එකක් දෙන්න හොඳේ!!

    ReplyDelete
  4. ඔයා කලින් කතාව (මෙන්න මෙහෙමයි)ලස්සනයට ලියල තිබුනා. මම ඒ කතාව අන්තිම වෙනකම්ම කියවල තියෙන්නෙ. එත් එකේ අන්තිමෙදි කලා වගේ පොස්ට් එකක් දාන්න කල් ගන්න එපා. කවෘ මොනව ලිව්වත් ඔයා ලියන දේ කියවන්න අස්සවෙන් ගොඩක් අය ඉන්නව. මේ කතාවත් එ වගේම ලස්සන එකක් වෙවි කියල හිත්නවා. ඔයාට ජය පතනවා. ඉක්මනට (අඩු තරමේ සතියට එකක් වතතිතුරු පොස්ට් ටිකත් දාන්න කියල ඉල්ලනවා.

    ReplyDelete
  5. ඔන්න කියවන්න පටන් ගත්තා.
    ලියමු ඉතින්
    දුල් සතියකට කොටස් කීයක් දාන්න බලාපොරොත්තු වෙනවද?

    ReplyDelete
  6. me kathawath menne mehemay wage thawath heenayak wey neda akki,, nice start for a story :) keep writing... ikmnate anik post ekath daneeeeeeeeee :)

    ReplyDelete
  7. “ඇත්ත කතාවක් එක්ක මගේ අදහසුත් දාලා ලස්සන කරලා හදපු අපේම වගේ කතාවක් තමයි මේක.“

    ඔයාට ගොඩක් පින් දුල්.....!

    ReplyDelete
  8. "ඇත්ත කතාවක් එක්ක මගේ අදහසුත් දාලා ලස්සන කරලා හදපු අපේම වගේ කතාවක් තමයි මේක."

    ReplyDelete
  9. හරිම ලස්සනයි... මට කතාවෙ දර්ශන, ඒ සිද්ධි මැවිලා පෙනුනා..

    ReplyDelete