Friday, May 9, 2014

6 කොටස

"එයා කොහොමද උඹේ නම්බර් එක දන්නේ?" මට ඇත්තටම හිතාගන්න බෑ. අවුරුද්දක් තිස්සේ අපි ක්ලාස් යනවා කවමදාවත් මම දැකලා නෑ අජා ඒ කෙල්ල එක්ක කතා කරනවා. අනික එයා සර්ගේ දුව කියලා දැනගත්තෙත් අදමද කොහෙද?
"ඇයි බං උඹට මතක නැද්ද අපි ක්ලාස් එකට රෙජිස්ටර් වෙද්දි අපේ ෆෝන් නම්බර් ලිව්වා... ඒකේ මම ලිව්වේ මගේ මොබයිල් නම්බර් එකනේ" ඇත්තම නේන්නම්... කෙල්ල හිතුව තරම් මෝඩත් නෑ.
"මොකද්ද බං මේ දවස්වල අපිට ලබලා තියන ග්‍රහයා... ඉස්පිරිතාලවලින් තොර ලෝකයක් නෑනේ"
"උඹ වාහනේ අරං වරෙන්කෝ.... "
"හරි හරි...." මගේ හිත කියන්නෙම යන්න එපා කියලා
" මොකද්ද සරා"
" අපේ එකවුන්ට්ස් සර්ට හාර්ට් එටෑක් එකක්ලු.... පොඩ්ඩක් ගිහිං එන්න වෙයි... හෙට ඉස්කෝලේ අන්තිම වාරෙත් පටන් ගන්නවා.
" මම තව වන් මන්ත් ඉන්නවානේ... ඔයා ගිහිං ඒ වැඩ කරගන්න.. සර් නම් යන්නම එපෑ... මටත් දැන් සෑහෙන්න නිදි මතයි"
"ඔයා නිදාගන්න... අපි හෙට උදේ කතා කරමු" නිකිණි මාගේ බඳ වටේ අත යවලා මට තවත් තුරුල් උණා.
"ඔයා මාත් එක්ක තරහත් ඇති නිකිණි"
"නෑ ... මං ඇයි ඔයා එක්ක තරහ වෙන්නේ"
"ඔයා ඇවිල්ලත් මට ඔයා එක්ක වැඩි වෙලාවක් ඉන්න බැරි වුණානේ..."
"අයියෝ... එහෙම නෑ... අපි හෙට හම්බ වෙමු..." නිකිණ් මා එක්ක කවදාවත් තරහ නොවෙන බව මම දන්නවා.

මම ගෙදර ගිහින් අම්මාගේ කාර් එක ඉල්ලගෙන අජා එක්ක අජාට එන්න කිව්ව හොස්පිටල් එකට ගියා. යනකන්ම අජායි මමයි අතර වැඩි කතාබහක් තිබ්බෙ නෑ මට හිතුණෙම මේ මහ වැඩකට නැති ගමනක් කියලා. ඒත් යාළුවාගේ නම්බුවත් බේරන්න එපෑ.
අපි යනකොට දෙතුන් දෙනෙක් ඉස්පිරිතාලේ ICU එක ළඟ ඉඳගෙන ඉන්නවා මම දැක්කා. කවදාවත් දැකලත් නැති, අඳුනන්නෙත් නැති අයට මොන උදව්ද? මම දන්නෙ නෑ අජාටත් පිස්සුද කියලා.
අපිව දැක්ක ගමන් අර ගෑනු ළමයා අපි ළඟට දුවන් ආවා. අයියෝ ඉතින් බලන්නකෝ ඒ ළමයාගේ නමවත් අපි දන්නෙ නෑනේ.

" අනේ තැන්ක් යූ සරිත් ආව එකට" එයා මට තෑන්ක් කරනවා... මට මොකටද තෑන්ක් කරන්නේ... මම හිතන්නේ මෙයාට වැරදිලා
"මට නෙවෙයි තෑන්ක් කරන්න ඕනේ අංජනට"
" තෑන්ක්ස් අංජන"
"මොනවාද අපෙන් කෙරෙන්න ඕනේ... දැන් සර්ට කොහොමද?" ඔන්න ඒ ළමයා අඬන්න ගත්තා. මට බලන්න අමාරු දේ මෙයාලා අඬන එක... හැබැයි එයාලට ලේසිම වැඩෙත් ඒක.
"පැය 48ක් යනකන් මොකුත් කියන්න බැරිලු... එයා ඔයාට බැන්න එක ගැන සෑහෙන්න දුක් වුණා" ආයේ මෙයා කතා කරන්නේ මටග දැන් මේ කියන්න හදන්නේ සර්ට හාට් අටෑක් හැදුණේ මට බැන්න එක වාවගන්න බැරිව කියන එකද දන්නේ නෑ.
"සරිත් ඔයාට තරහ ගිහින්ද"
"නෑ නෑ එහෙම දෙයක්නෑ" මෙන්න මගෙන් අහපු ප්‍රශ්නෙකට අජා උත්තර දෙනවා. මට පේන හැටියට මෙතන වෙන දෙයක් තියනවා.
" මාමා....." අපි ළඟ හිටපු කෙල්ල අඬාගෙන ඉස්සරහට දිව්වා... අයියෝ මේක නම් අද උදේ කාපු කට්ටට හපන් එකක්
" මොනාද බං මෙතන කරන්නේ... දැන් හරිනේ එයාව දැක්කනම් අපි යන්ද?" මම අජා පැත්තට හැරිලා කතා කරන ගමන් අර කෙල්ල දිහා බැලුවා. එතනට ආව දෙන්නෙක්ව වට කරගෙන අර ගෑනු ළමයයි, එයාගේ අම්මයිද කොහෙද ලොකු කතාවක්, හෝ ගාලා අඬනවත් එක්ක
"කාට හරි කරදරයක් උණාම පොඩ්ඩක් ඉවසීමෙන් හිටපන්"
"මෙච්චර කාලෙකට පස්සේ ආව නිකිණිවත් තනියම දාලා මම ආවේ.. පව් බං මාව හම්බවෙන්න ඇවිත් අද දවසම තනියම හිටියේ"
" හරි හරි එහෙනම් දැන් ආවම කියලා යන්"
"මොකද්ද එයාගේ නම?"
"අනුත්තරා" මම ආයෙමත් එයාලා දිහා බැලුවා. ඒත් දැන් එතන ඉන්නේ අනුත්තරා විතරක් නෙවෙයි තව.... පොඩ්ඩක් ඉන්න ආයෙමත් මට පේන්නේ හීනයක්ද? එයා කොහෙද මෙහෙ.. වෙලාවකට බීච් එකේ වෙලාවකට  හොස්පිටල් එකේ.... දෙයියනේ මේ කවුද? මාව අතඅරින්නේ නැත්තේ... මම මාවම කොනිත්ත ගත්තේ එයා මේ පැත්තට එනවා දැකලා. හීනයක් නෙවෙයි මේ දකින්නේ ඇත්ත... එයා ඇත්තටම මං ඉන්න පැත්තට එනවා

"සරා...... අපි යනවා නේද?" මට එයාගෙන් ඇස් දෙක ගලව ගන්න බෑ.... කොටින්ම කියනවා නම් මට දැන් නං යන්න බෑ.







No comments:

Post a Comment