සෑම සෙනසුරාදාවකම එක කොටසක්

සෑම සෙනසුරාදාවකම එක කොටසක්

Tuesday, January 9, 2018

2 කොටස




"
උඹ අද සෑහෙන්න පරක්කුයිනෙ මචං..." අජා බයික් එකට නැග්ගේ එහෙම කියාගෙන....මට ඒකට දෙන්න උත්තරයක් නෑ. මම කට වහගෙන ඉස්සරහා බලා ගත්තා....
"
කිරියාට මොකද උනේ...?"
"
ඊයේ කිව්ව විදයට නම් අලුත් කෑල්ලක් සෙට් වෙලා...."
"
කෑලි සෙට් උණාම ක්ලාස් මිස් වෙනවාද මචං"
"
මටත් ඕක නම් තේරෙන්නේ නෑ.... අපිත් සෙට් කරගෙන බලමුද?"
"
මේ මේ..... ලොකු සීන් ඕනේ නෑ... මේ ඉන්න විදිය හොඳයි... දන්නවානේ.... කෙල්ලෝ දාගත්තාම හවසට බීච් එක පැත්තේ ගිහින් සෙට් වෙන්නත් අවසර ගන්න වෙනවා.... දැක්කනේ කිරියා පහුගිය කාලේ කාපු කට්ට"
"
හැම කෙල්ලම ඒ වගේ නෑ බන්..."
"
බැහැපන් බැහැපන්.... ක්ලාස් එකට ගිහින් මුල්ලක් අල්ල ගනින් මම මේක පාක් කරලා එන්නම්...." අජා එතනින් යනකොටත් මම කලපනා කලේ කෙල්ලෝ ගැන..... ඇතුවත් බෑ නැතිවත් බෑ... හිටියත් වදේ නොහිටියත් වදේ.... නැති උණාම ඔටුවො, ඉන්නකොට එළුවෝ..... මම බයික් එක පාක් කරලා පන්තිය ඇතුලට ගියා. දෙතුන් දෙනෙක්ම මා දිහා හැරිලා බැලුවා... කොහොමත් ඕකුන් මම බයික් එකේ ක්ලාස් එනවා දැක්කොත් ඔහොමමයි. හරියට මම පියාඹන පීරිසියක ආවා වගේ..... කමක් නෑ. ආසාවනේ.... මම අජා ළඟට ගිහින් ඉඳගත්තා.....
"
දැන් දේවාලෙට එනවා වගේ ආව එක්කෙනා මෙතනට එනවා....." මම සර් දිහා බැලුවා..... මෙයා මේ කතා කරන්නේ මටද? මම අජා දිහා බැලුවා අජා හැංගිලා වගේ ඉන්නවා මම දැක්කා....
"
ඔව් ඔව් මහත්තයා ඔයාට තමයි..... පාවඩ නම් දාන්න බැරි උණා.... මෙහාට වඩිනවාද?" ෂිකේ කන පැලෙන නෝන්ඩියක්නේ උණේ.... කවුදෝ හාල් පාරුවො දෙතුන් දෙනෙක් බක බක ගාල හිනා වෙන්න ගත්තා
"
කොහෙ ඉදන්ද මහත්තයා එන්නේ...?" සර් පෙන්නුව සීට් එකේ ඉඳගත්තා ඒත් කෙල්ලෝ රොත්තක් මැද චාටර්..... කමක් නෑ කට්ට කාගෙන ඉන්නවා.. මම මේ ක්ලාස් එන අන්තිම දවස...
"
ගෙදර ඉදන්..." මම උත්තර දුන්නා....
"
ආ.... කොහෙද බකින් හැම් මාළිඟාවද?" මම මොකුත් කිව්වේ නෑ කට කපලා නෝණ්ඩි වෙද්දි තම මොන කට ඇරිල්ලක්ද?
"
ඕක තමයි පෝසත් පුත්තුන්ගේ තත්ත්වෙ.... හිතන් ඉන්නේ යන හැම තැනම අම්මාගේ අප්පගේ බූදලේ කියලා....." සර් පාඩම ඔක්කොම නවත්තලා පෝසත් පුත්තු ගැන කියවනවා.... එක පාරටම මහා හයියෙන් මගේ ෆෝන් එක වැදුණයි කියමුකෝ...බලනකොට අද දවස නම් මාර දවසක් මට ෆෝන් එක සයිලන්ට් දා ගන්න බැරි උණානේ..... මම දඟලලා කරලා ෆෝන් එක එළියට අරන් කට් කරලා ඕෆ් කරලා දැම්මා..... ඒ ටිකට පන්තියෙන් භාගයක්ම හිනා වෙන්න ගත්තා.... මට කියා ගන්න දෙයක් නෑ. සර් තවත් හයියෙන් බනින්න පටන් ගත්තා... බැනුම් අහලා නම් මට හොඳට පුරුදුයි, එකම චාටරේ තමයි කෙල්ලෝ රොත්තක් මැද බැනුම් අහන එක.

ඉන්ටවල් එක එනකන් වැඩි වැඩක් කෙරුනේ නෑ...... සර් මාව බයිට් කළා..... මම බයිට් උණා.... ඔන්න ඔහෙ කමක් නෑ සර්ට කියලාත් කික් එකක් එපෑ.... ඉන්ටවල් එකේදී මම අජාව තියලා බයික් එක ළඟට ගියේ ගෙදර යන්න....
"
සරිත්....සරිත්....." නුහුරු කට හඬක් මගේ පිටිපස්සෙන් ඇහෙන්න ගත්තා.... මම හැරිලා බැලුවා... කෙල්ලෙක්... මගේ කාලේ නරකයි මම හිතන්නේ... සරිත් පිටිපස්සේ මීට කලින් කෙල්ලෝ ඇවිල්ලත් නෑ.... මම කෙල්ලො පස්සේ ගිහිල්ලත් නෑ.... මම එයා මගේ ළඟට එනකන් බලාගෙන හිටියා....
"
ඔයාගේ බයික් එකේ යතුර බිම වැටිලා තිබුණා..." හරිම නෝමල්..... වැඩි පාට නැති කෙල්ලෙක්.....
"
ආ තැන්ක් යූ...."
"
ඔයා තාත්තා කිව්ව දේවල් ගණන් ගන්න එපා... ඒ එයාගේ හැටි" මම කොහොමද මෙයාගේ තාත්තාව අදුණන්නේ අනික මෙයාගේ තාත්තා මට මොකුත් කියලා නෑනේ.
"
තාත්තා......????"
"
ඔව්.... එයා වෙලාවට වැඩ කරන අයට කැමති... පරක්කු වෙලා ආව නිසා තමයි එයාට තද උණේ" ඒ කියන්නේ මෙයාගේ තාත්තා අර ගඩාෆි වාගේ සර් ද? ඔය බලන්න.... දැන් මම මෙයා එක්ක කතා කර කර ඉන්නවා සර් කාරයා දැක්කොත් මට එලෝ එලෝ ගහනවා ෂුවර්.... මම හෙල්මට් එකත් දාගෙන බයික් එකට නැග්ගා....
"
ඔයා යනවාද?" කෙල්ල මගෙන් අහනවා. මම උත්තර දුන්නේ නෑ..... හැරෙන තැපෑලෙන් ස්ටාර්ට් කර ගෙන වංගුව ගත්තා විතරයි අජා දුවගෙන ආවා.....
"
ඒයි.... ඒයි...... කොහෙද යන්නේ....?"
මම යන්තන් නවත්තලා අජාව ගොඩ කරගෙන එතනින් පුළුවන් තරම් ඉක්මන පැන ගත්තා.....
"
උඹට මොකද්ද බන් හැදුණ කුලප්පුව..."
"
තව හිටියානම් ගුටිත් කනවා බන්.... "
"
ඒ මොකෝ....."
"
ඔන්න ඔය සාක්කුවෙ ෆෝන් එක අරන් ඔන් කරපන් කිරියා කෝල් කළා" අජා ෆෝන් එක අරන් ඔන් කරලා කිරියාට කෝල් එකක් ගත්තා......
"
කිරියා..... මොකෝ....?"
"
මොකා...."
"
හරි අපි එනවා" අජා.... මගේ පිටට තට්ටු කළා....
"
මචන් ඔහොමම ඇක්සිඩන්ට් වෝඩ් හරවපන්...... :"
"
ඒ මොකො...?"
"
කිරියා ඇක්සිඩන්ට් වෙලා"
"
මොකා.............
?"

No comments:

Post a Comment