සෑම සෙනසුරාදාවකම එක කොටසක්

සෑම සෙනසුරාදාවකම එක කොටසක්

Thursday, January 11, 2018

4 කොටස


"මොකද කියල අහුවෙ නැද්ද උඹ.....?" මම තුංමුල්ලෙන් ගාලු පාරට බයික් එක දාන ගමන් අජාගෙන් ඇහුවා....
" පොඩ්ඩක් කලබලෙන් කතා කලෙ... මම කොහොමද විස්තර අහන්නේ.... දැන් අපි ගෙදර යන්කෝ..... ගිහින්ම බලමු" අපේ අම්මා සාමන්‍යයෙන් මම ඉන්නෙ කොහෙද කන්නෙ බොන්නේ මොනාද හොයලා බලන කෙනෙක් නෙවෙයි... ඇත්තම හදිස්සියක් නැත්නම් කෝල් එකක් දෙන්නෙත් නෑ අනේ මන්දා.... අමු චාටර් දවසක් අද .... කමක් නෑ මම ගෙදර බයික් එක දාන්කොටම සිකිරුටි අංකල් ඉස්සරහාට ආවා.....
"පුංචි මහත්තයා ගෙදරට යන්න මම මේක ඇතුලෙන් දාන්නම්" ඔක්කොමලා ඉන්නේ අමුතුම කික් එකකින්......අජාත් මාත් එක්කම ගොඩා උණා...
" අම්මා........................... අම්මා..........................." මම ගෙට ගොඩ උණ ගමන්ම අම්මට කතා කලා
"බුක්හ්........ "දොර පිටිපස්සෙ ඉදලා එක පාරටම කවුදෝ මගේ ඇඟට පැන්නා... මට වඩා ගැස්සුනේ අජා.....
"නිකිණි..........." මගේ හිතේ දඩබඩ ගාලා වැදුන පිටිමෝල නැවතුනේ දැන් තමයි.
" හපෝ හපෝ.... දැන් ඔයා මාර ගනන් නේ..........මම ඔයාට කෝල් කලා උදේ කොහෙද ෆෝන් ඕෆ්.... පස්සෙ ගෙදරම ආවා...... යාලුව ඉන්ට්‍රඩියුස් කරන්නේ නැද්ද?"
"ආ...... ඔව් මයි..... මේ අංජන... මගේ හොඳම ෆිට් එකක්.... එතකොට මේ නිකිණි......." මම කතා කරන්න කලින් අජා පැන්නා
"සරාගේ පොඩිකාලේ ඉදන් ඉන්න හොඳම යාළුවා.... හරිනේ..."
"හරියටම හරි...... යන් යන්.... ඔයාට මම බඩුවක් ගෙනවා..." නිකිණි හැමදාම වගේ මගේ වැලමිට ළඟින් අත පටලවා ගත්තා"
"කවදද ආවේ....."
"ඊයේ රෑ සරා.... නිදිමතයි තමයි...... ඒත් අද රෑටම නිදා ගන්නවා......" අජා... එතන පොඩ්ඩක් නැවතුණා.....
"මොකෝ බන්..."
"යාළුවොන්ට කතා කරගන්න දෙවල් ඇතිනේ අපි කැපෙන්නම්... උඹ හවසට එනවානේ සරා....?"
"අනිවා... උඹ මට කිරියාගේ තත්ත්වෙ කියලා කෝල් එකක් දෙන්නකො මම තාත්තාගෙන් වාහනයක් ඉල්ලන් හොස්පිටල් එන්නම්...."
"ඇයි පුතා හොස්පිටල්...." අම්මත් කොහෙ හරි ඉදන් අහන් ඉන්නවා
" කිරියා ඇක්සිඩන්ට් වෙලා අම්මේ.... එච්චර අමාරුවක් නෑ..... අද ගෙදර යන්න පුලුවන් ලු" අම්ම වෙනදා වගේම මම නිකිණි කතා කරන දෙවල් අහගෙන ඉන්න ආවේ නෑ....
"ඔයා මොනාද මට ගෙනාවා කිව්වේ...?" මම නිකිණිව එක අතකින් ළං කරගන්න ගමන් ඇහුවා....
"බලන්නකෝ ඔයාගේ කාමරේ ගිහින්....." නිකිණි මාව තල්ලු කළා.... අනේ පව් පොඩි කාලේ ඉදලාම සහෝදරියක් නැති මට සහෝදරියක් වෙච්ච, හිත ළඟ පාලුවට යාලුවෙක් වෙච්ච පුන්චි කෙල්ල. කවදාවත් මාව බලන්න එද්දි මෙච්චර කාලෙකට හිස් අතින් ඇවිත් නෑ.... ඒත් මම කවම දාවත් එයාට මොකුත්ම දීලා නෑ......
මම මගේ කාමරේට එබිකම් කළා....... හත්දෙයියනේ ඒකොස්ටික් ගිටාර් එකක්.... මේ කෙල්ල මගේ හිත කියවන්න දන්නවද කොහෙද?
"නිකිණි... මේක බර ගානක්නෙ...." නිකිණි හිනා උණා....
"මං විභාගෙ පාස් වුණාම මොනාද ඔනෙ කියලා තාත්තා ඇහුවා, මම ගිටාර් ඒකක් ඔ්නෙ කිව්වා තාත්තා අරන් දුන්නා.... ඉතින් විස්තර කියන්නකො ඔයාගෙ......?"
"අලුත් විස්තරයක් නෑ...... ගිය සතියේ ඔයාට මේල් කරපු ඒවාම තමයි..."
"මට නම් විස්තරයක් තියනවා....."
"මොකද්ද?"
"අයියාගේ එම් ඒ එක ඉවර උණාම අපි ආයේ ලංකාවේ පදිංචියට එනවා....."
" සුපර්බ්...... කවදද?"
" තව සික්ස් මන්ත්ස් වලින් වගේ....."
"නියමයි...... මම ඒ ලෙවල්ස් කරලා ඉවර වෙලා එහෙ එන්න හිටියේ...."
"දැන් ඕනේ නෑනෙ...... සරා..... මම....." ඒත් එක්කම අම්මා අපි ළඟට ආව නිසා නිකිණි කියන්න ගිය දේ කිව්වේ නෑ.....
"දුව අද මෙහෙ ඉන්නවා නේද?"
"ඔව් ඇන්ටි... අම්මිලා එස්ටේට් එකට ගියා..... ගෙදර ගියත් මම තනියමනේ... මම කිව්ව අද මෙහෙ ඉන්නම් කියලා.. හෙට තාත්ති මාව පික් කරයි....." අම්මා ආයෙත් අපිව තනිකරලා ගියා....
" මොනාද කියන්න හැදුවේ......?"
"මොකුත් නෑ.... දැන් හරි මහන්සි... හවසට මාව බීච් අරන් යනවාද? "
"වයි නොට්....... යමු..."
"තෑන්ක්ස් නිකිණි..."
"අයියෝ... ඕවා මොනාද?" නිකිණි එතනින් නැගිට්ටා.....
"ඔයා පොඩ්ඩක් මහත් වෙලා....." නිකිණි මගේ දිහා බලල හිනා උණා...
" මහත අයට ඊරිසියා කරන්න එපා...... ට්‍රයි කලොත් ඔයාටත් පුලුවන්..." එයායි මමයි දෙන්නම හිනා උණා..... මට තෙරෙන්නෙ නෑ නිකිණි ආවම මගේ හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා. එයා කතා කරන්නේ ලස්සන කතාවක් කියනවා වගේ.....හිනා වෙන්නේ හිතේම සතුට උතුරලා අරිනවා වගේ. එයා නිසා වෙන්න ඇති මට කෙල්ලෙක් එක්ක යාලු වෙන්න උවමනාවක් තිබ්බෙ නැත්තේ...? ඒත් මම දන්නවා එයා මට හොදම හොද යාලුවෙක් විතරයි.....

හවස කිරියාවත් උගේ ගෙදර බස්සලා , අජා අතේ කිරියාගේ බයික් එක ගරාජ් එකට යවලා එහෙම එනකොට රෑ 7ත් පහු වෙලා.... මම ඇවිල්ලා නිකිණිව හෙව්වත් එයා හිටියේ නෑ....
" කෝ අම්මේ නිකිණි......"
" බීච් එකට ගියා...."
" මම නැතුව...?" මම ගිටාර් එකත් අරන් බීච් එක පැත්තට දිව්වා... මේ කලුවරේ කොහෙ හොයන්නද මන්ද? මම ෆෝන් එක අරන් කෝල් එකක් ගන්නකොටම අර චූටි නංගියා.....
" අයියේ ඔයාත් එනවාද සෙල්ලම් කරන්න......." මට හිනා ගියා.....
" සෙල්ලම්..?"
" මගේ පැත්තට කවුරුත් නෑ...ප්ලීස්......"
" මම යාළුවෙක් එනකන් ඉන්නේ... ඔයා සෙල්ලම් කරන මම බලන් ඉන්නම්"
" අයියාගේ නම මොකද්ද?"
" මම සරිත්....."
"මගේ නම කේෂා...."
" ඔයා වගේම ඔයාගේ නමත් ලස්සනයි ....... කේෂා කාත් එක්කද ආවේ...?"
" අක්කාලා එක්ක....."
" කේෂාට අක්කලා ගොඩාක් ඉන්නවාද?"
" තුන්දෙනෙක්.....:
"චූටි.................." කියාගෙන ආව කෙනෙක් මාව දැකලා නැවතුණා
" අනේ සොරී ඔයාට කරදර කලාද?" තවත් අවුරුදු 12ක විතර ඒ වගේම ලස්සන නංගියෙක්...... මෙයාලාගේ අනිත් අක්කලාත් බලන්න ඇත්නම්.....
" කමක් නෑ....."
"මද්දූ....... මේ චූටි එන්නේ නෑ... මේ අයියා කෙනෙක්ට වද දෙනවා..."
"මට වදයක් නෑ.... ඔයාලා සෙල්ලම් කරන්න මම ඕනෙ නම් නංගිව බලා ගන්නම්......"
මම අර චුටි නංගියාගේ අතින් අල්ල ගත්තා.....
" අපි දෙන්න එකතු වෙලා හැංගිලා ඉන්න අක්කා කෙනෙක්ව හොයමුද?"අර අනිත් නංගි ආයෙත් මූද පැත්තට ගියා... මම ආයෙත් ෆෝන් එක අරන් නිකිණිට කෝල් කළා
"කොහෙද ඔයා...."
"ඔයාට පේන තෙක් මානේ...... ඔහොමම දකුණට හැරෙන්න..." මම ඒ පැත්ත බැලුවා..... ඊට පස්සේ අර නංගිවත් එක්කගෙන නිකිණි ළඟට ගියා....
"ඔයාට මේ ලස්සන ගර්ල් ෆ්රෙන්ඩ් කෙනෙක් ඉන්නේ...?" මම නිකිණි ළඟින් වාඩි වෙනකොට චූටි නංගියත් මාත් එක්කම වාඩි උණා....
" ඒකනේ... අපිටත් කෙල්ලො ඉන්නවා..." නිකිණිත් මම වගේ නංගියාට ආදරෙයි වගේ...
" සරා.... හොටෙල් කැලෆෝනියා ගහන්නකෝ..." නිකිණි ඒ සින්දුවට ආස කලේ පොඩි කාලේ ඉදලා....
" චුටි නංගිත් සිංදුව අහන්න එහෙනම්....." එයා ඔලුව වැනුවා..... මම ගිටාර් එක උකුලට අරන් ඇඟිලි තුඩු වලින් තත් එහාට මෙහාට කලා විතරයි....
" චූටි....... කියලා තියනවා නේද....? මීට පස්සේ බීච් ගේන්නේ නෑ....." මම නිකිණියි දෙන්නම ඒ පැත්තට හැරුණා.... මට හිතා ගන්න බෑ..... අත් දෙක ගල් උණා..... ආයෙමත් මම දකින්නේ හීනයක්වත්ද? නෑ මේ හීනයක් වෙන්න බෑ...... එයා දැන් නම් ඇත්තටම මගෙ ඉස්සරහා

No comments:

Post a Comment