සෑම සෙනසුරාදාවකම එක කොටසක්

සෑම සෙනසුරාදාවකම එක කොටසක්

Sunday, January 14, 2018

5 කොටස


මුදු ගැහුණු කොන්ඩෙ අස්සෙන් ඇස් දෙක දිලිසෙනවා. අනේ ඒත් පොඩ්ඩක් තරහ ගිහින්. චූටි නංගියා මට තවත් තුරුල් උනා. එයාත් බය වෙලා මම වගේම.

"
කීපාරක් කියලා තියනවාද දන්නේ නැති අයත් එක්ක කතා කරන්න එපා කියලා. ඉන්න මම තාත්තාට කියන්න"


එයා චූටි නංගිවත් ඇදගෙන පෙනෙන තෙක් මානෙන් ඈතට යනකන් මම බලාගෙන හිටියා.
"සරා...... සරා....." ඔන්න ඊට පස්සෙයි මට ඇහුණේ නිකිණි මට කතා කරනවා......
"ඇයි නිකිණි?"
"හම්මෝ ඔයාට කතා කරලා මගේ කටහඬත් නැති වෙනවා....." මම ආයෙත් එයා ගිය පැත්ත බැලුවා. එයා පේන්න නෑ..... මම දන්නේ නෑ එක පාරට මට මොනා උණාද කියලා.
"ඔයා ඒ චූටි නංගිව දන්නේ කොහොමද?"
"මම එයාව දන්නේ නෑ...."
" එහෙනම් මොනාටද ඒ ගැන හිතන්නේ..... කෝ හොටේල් කැලෆෝනියා...."
" මගේ ඔලුව පොඩ්ඩක් රිදෙනවා නිකිණි...." මට නිකිණිට බොරු කියන්න උවමනාවක් තිබ්බේ නෑ.... ඒත්   ඉබේම කියවුණා..... නිකිණිගේ මූණ බලාගෙන ඉන්නද්දි මැල උණා
" එහෙනම් අපි ගෙදර යන්"
" ඔය තරහ ගිහින්ද?" මම නිකිණිගේ පුංචි වෙනසක් උණත් හොඳට අඳුනනවා
 "
එහෙම දෙයක් නෑ... අපි යන්... පස්සෙ වෙලාවක ඒ සිංදුව අහමු"
"
නෑ මම ප්ලේ කරන්නම්"
  
නිකිණි හිනාවෙලා එතනින් නැගිට්ටා
"
මූණ කැත කරන් ඕක ගහන්න ඕනේ නෑ... අපි යන්.. මූද නැති වෙන්නෙත් නෑ බීච් එක නැති වෙන්නෙත් නෑනේ ඒ නිසා වෙන දවසක එමු... මම ඉන්නවානේ"
නිකිණි තරම් මාව කවුරුත් තේරුම් අරන් නෑ. මම ගිටාර් එකත් අරන් නැගිටින ගමන් නිකිණිගේ කර වටේ අත දාගෙන එයාව මගෙ ළඟට ගත්තා.
"
ඔයා එන්න එන්නම සෙන්සිටිව් වෙනවා සරා" 
"
මම?"
"
ඔව්... ඒ චූටි නංගිව ඔයා ළඟින් අරන් ගිය එකට ඔයාට දුක හිතුණා නේද?" 
"
ටිකක්"
"
ඕක අමතක කරලා දාන්න... අපි ඔයාට ක්ලාස් නිවාඩු දුන්නාම ටික දවසක් එස්ටේට් ගිහින් ඉඳලා එමුද?" 
"
යමු"
 "
ඔයාට මතකද ගිය පාර ගිහින් අපි ගෙම්බො රේස් එකක් දැම්මා"  මට ඉබේටම හිනා ගියා. මේ පාර යනවානම් අපේ සෙට් එකම එක්කන් යන්න ඕනේ. මම දන්නවා නිකිණිට ලංකාවේ යාළුවෙක්ට කියලා ඉන්නේ මම විතරයි. ඒ නිසා එයත් කැමති වෙයි. 
"
මොනවද ඒ පාර" 
"
මොකුත් නෑ" මගේ මොබයිල් එක රින්ග් වෙන්න ගත්තේ ඒ වෙලාවෙ මයි
"
හලෝ"
"
උඔ කොහෙද ඉන්නේ" අජාගෙ කටහඬේ තිබ්බේ ලොකු හදිස්සියක්
"
මොකද්ද අවුල?" 
"
කාර් එක ගෙදර තියනවාද?"
 "
කියපන්කෝ මොනාද වෙලා තියෙන්නේ?"
"
සර්ගේ දුව මට කතා කළා" 
"
ඒ මොකටද?"
"
මිනිහට හාර්ට් අටැක් එකක්ලූ" 
"
ඉතින්"
"
කෙල්ල අඬනවා" 
"
ඉතින්"
"
ඉතින් ඉතින් ගාන්නේ අපි යන්න ඕනේ නැද්ද?" 
"
මම හිතන්නේ ඕනේ නෑ"
"
උඹ ඇයි එහෙම කියන්නේ?" 
"
අනිත් ළමයි යනවාද නෑනේ?"
"
එයාගේ දුව අනිත් ළමයින්ට කතා කළේ නෑනේ" 
"
අපි එතන ගිහින් මොකද කරන්නේ?"
"
දන්නේ නෑ මුලින් ගිහින් බලමුකෝ... එයා කාර් එකේ එන්න කිව්වේ හදිස්සියක් උණොත් කියලා" 
"
එයා උඹට කාර් එකක් නෑ කියලා දන්නේ නැද්ද?"
"
එයා උඹට කියන්න කිව්වේ" 
"
මොකා?"




No comments:

Post a Comment